රාජ්‍ය සේවයේ රැසකම වෘත්තිකයන් ලබන 9 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බව සඳහන්.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, ඊට සමගාමීව ගුරු – විදුහල්පතිවරුන් ද එදින ලෙඩ නිවාඩු වාර්තා කර වර්ජනයක නිරතවන බවයි.
මේ අතර, වැටුප් වැඩි කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 66ක් සපිරෙනවා.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පසුගියදා ප්‍රකාශ කළේ සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලවල මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමට කටයුතු කරන බවයි.
ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානයදී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අයවැයට ඇතුළත් කිරීමට පොරොන්දු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.