ලොව ආදායම් වාර්තා තැබූ ටයිටැනික් සහ අවටාර් යන චිත්‍රපට වල නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී ජොන් ලැන්ඩව් අහාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 63 වන වියේ පසු වුණා.

ඔහු පසුගිය වසර පුරාවට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි බව සඳහන් වනවා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයුරිය වන ටීනා පවසා ඇත්තේ “ගැහැණු ළමයෙකුට හිමිවිය යුතු හොඳම සහෝදරයා..” ඔහු බවයි.

ඔහු ලැන්ඩෝ හොලිවුඩ් නිෂ්පාදකයින් වන එලී සහ එඩි ලැන්ඩෝගේ පුත්‍රයා වූ අතර කලක් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන 20th Century Fox විධායකයෙකු ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here