කොළඹ දේවි බාලිකා විද්යාලයේ උසස් පෙළ සිසුවියන් කණ්ඩායමක් සමග අධ්යාපන චාරිකාවක් සඳහා මහනුවරට පැමිණි ගුරුවරියක් හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත්ව තිබේ.
මෙම ගුරුවරිය ඇතුළු සිසුවියන් කණ්ඩායම ඉකුත් 07 දින මහනුවරට පැමිණ මහනුවර නගරය හා ආශ්රිත විශේෂ ස්ථාන නරඹා ඇති අතර සවස් වරුවේ ශ්රී දළදා මාලිගාව නැරඹීම සඳහා ගොස් ඇත.
දළදා මාළිගාව නැරඹීමෙන් අනතුරුව ගුරුවරිය දැඩි රෝගී තත්ත්වයකට පත්ව ඇති අතර වහාම ඇය මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට අධ්යාපන චාරිකාවට සහභාගී වූ පිරිස කටයුතු කොට ඇත. මංගලිකා ජයවීර නැමැති 55 හැවිරිදි ගුරුවරියගේ මෘත දේහය කොළඹ බලා රැගෙන ගොස් තිබේ.
(කමල් සුරවීර – මහනුවර)