ක්ලබ් වසන්ත සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ පොලිසිය ටැටූ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව ක්ලබ් වසන්ත තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට කැඳවාගෙන ආ බවයි.

ඒ වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට ටැටූ ආයතනයේ හිමිකරුගේ බැංකු ගිණුමට රුපියල් දසලක්‍ෂයක් බැරවී තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

“ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එක අනුව ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා” යැයි ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here