මේ වන විට දිවයින පුරා වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000 සීමාව පසු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනව.

කොළඹ මහනගරසභා සීමාව, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වේ.

මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඉදිරියේදී තවදුරටත් ඩෙංගු අවධානමක් පැවතිය හැකි බවත්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසනවා.

ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ තමන් අවට පවතින මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කරන ලෙසයි.

මේ මාසය වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2300 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here