තම දරුවන් දෙදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කල තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් (09) දින කටයුතු කර ඇත.

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි තිදරු මව (09) දින පස්වරු හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බවත්, ඒ අනුව වයස අවු 08,06,04 වයස් වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු ඇතුළු දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙස පවසා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් බැන වැද දරුවන් තිදෙනා පොලිසියේ රදවා පසුව ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සහ කිරිමේදි කාන්තා පොලිස් නිලධාරින් එම තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත භාර දි දරුවන් තිදෙනා පියා වෙත භාර දි ඇත.

මානසික ආතතියකින් පෙළෙන එම තිදරු මව (28) නිරන්තරයෙන් සැමියා සමග ආරවුල් ඇති කර ගන්නා බවත්, සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන අයෙකු බවයි පොලිසිය කියා සිටියේ.

මානසික ආතතියකින් පොළෙන බිරිද තමන්ට පාලනය කරගත නොහැකි බවත්, ඇය රෝහල් ගත කර වෛද්‍ය ප්‍රතිකාර කිරිමට කටයුතු කරන ලෙසට සැමියා (40) පොලිසියෙන් කල ඉල්ලිමක් මත තිදරු මව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට යාම ප්‍රතික්ෂේප කල තිදරු මව පොලිස් නිලධාරිනියන් සමග නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් කටයුතු කිරිම හමුවේ හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ උපදෙස් මත තිදරු මව පොලිස් ජිප් රථයකින්ම රෝහල වෙත රැගෙන ගොස් ඇතුලත් කර (09) දින රාත්‍රියේ දරුවන් තිදෙනා දරුවන්ගේ පියා වෙත භාර දි ඇත.

හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය භාරයට ගෙන තිබු දරුවන් තිදෙනාට අවශ්‍ය ආහාර පාන සහ සෙලල්ම් භාණ්ඩ ලබා දි මව් සෙනෙහස ලබා දිමට කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් කටයුතු කිරිම හමුවේ දරුවන් තිදෙනා සතුටින් පොලිස් ස්ථානයේ කාලය ගත කල අයුරු අප කැමරාවේ සටහන් විය.

(හැටන් රංජිත් රාජපක්ෂ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here