හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටි පුද්ගලයෙකු අතුරුදහන් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ දික්ඔය ඇළට වැටි අතුරුදහන් වි ඇත්තේ හැටන් දික්ඔය ඔස්බොන් වත්ත ඉහල කොටසේ පදිංචි චන්ද්‍රසේකරන් සුරේෂ් නැමති (28) හැවිරිදි එක්දරු පියෙකි.
අතුරුදහන් වි ඇති එක්දරු පියා (11) දින පස්වරුවේ හැටන් නගරයට පැමිණ අධික ලෙස බිමත්ව සිය නිවස කරා බස් රථයකින් ගමන් කරමින් සිටියදි ඔහු බස් රථයෙන් බැස එම මාර්ගයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජල ටැංකිය වෙත නැග සිටියදි ංල ටැංකියට බැවුමේ පිහිටි දික්ඔය ඇළට ඇද වැටි ඔහු අතුරුදහන් වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අතුරුදහන් වි ඇති පුද්ගලයාගේ බිරිද විදේශ ගත වි ඇති බවත්, (12) දිනට යෙදි ඇති දිපවාලි උත්සවය නිමිත්තෙන් ඔහු (11) දින සිටම අධික ලෙස මත්පැන් පානය කරමින් සිටි බවයි එම වතුයායේ වතුකම්කරුවන් කියා සිටියේ.
අතුරුදහන් වි ඇති පුද්ගලයාගේ සිරුර සොයා හැටන් පොලිසිය සහ ප්‍රදේශවාසින් දික්ඔය ඇළෙහි මෙහෙයුමක් දියත් කර ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)