අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවේම වෙනත් ස්ථානයක තැන්පත් කර තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීමට අද (12) පෙරවරු 8.30 සිට බොරැල්ලේ පිහිටි මල්ශාලාවේ ඒ මහතාගේ දේහය තබන බව දැනුම් දී තිබුණත් එසේ පැවසු ස්ථානයේ මේ වන තෙක් තැන්පත් කර නොමැති බව සඳහන්.

එසේම මේ මොහොතේ එම ස්ථානයේ දොරවල් වසා දමා ඇති අතර එය දැකබලාගැනීමට කිසිවෙකුටත් අවස්ථාව ලබාදී නැති බවත් සඳහන් වනවා.

කෙසේනමුත් පෙරේදා රාත්‍රියේ විදෙස් රටක සිට ලැබුණු ඇමතුමකින් කරන ලද තර්ජන නිසා මේ මේ මොහොතේ දේහය තැන්පත් කර ඇති මල් ශාලාවේ එම ස්ථානය වටාත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබීම දැකගැනීමට හැකිවනවා.

එම ඇමතුමෙන් අනතුරු අඟවමින් පවසා තිබුණේ යම් අයුරකින් යළි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here