මොරන්තුඩුව – බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේ දි ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් අද (14) බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇතැයි මොරන්තුඩුව පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ, කොලොන්නාව සංගීත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සහකාර සුපවේදියෙකු ලෙස රැකියාව කරන 19 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
පොලොසොය පවසන්නේ, කොටහේන ප්රදේශයේ පෞද්ගලික ආහාර නිෂ්පාදන ආයතනයක සේවය කරන මියගිය තරුණයා පානදුර ප්රදේශයේ උපන්දින සාදයකට සහකාර සුපවේදියෙකු වශයෙන් සේවය ලබාදී ප්රධාන සුපවේදියාගේ මොරත්තුඩුව – ගෝනදූව නිවස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.