පොලිස් අණ නොතකා ධාවනය කල ගවයින් 4 කු රැගත් ලොරි රථයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (12) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කීය.
පානදුර දෙස සිට පයාගල දෙසට ගාලු පාරේ ගමන් කළ ලොරි රථය කළුතර නගර මධ්‍යයේදී නතර කරන ලෙස පොලිස් නිලධාරීන් අණ කර ඇති අතර, නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් යතුරුපැදි දෙකක් කිලෝමීටර් දෙකක් පමණ දුරක් ලුහුබැඳ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ දී මාර්ගය හරස් කොට නවතා ඇති බව පොලිසිය කීය.
ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි අමානුෂික ලෙස ගැටගසා තිබූ ගවයින් 4ක් ලොරි රථය සමගින් භාරයට ගෙන , සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
හොරණ ප්‍රදේශයෙන් සොරකම් කොට කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයට රැගෙන එමින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න – කළුතර)