බගවන්තලාව නගර හරහා ධාවනය වු ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලි අනතුරක් සිදු වි ඇත.

බගවන්තලාව නගරයට ආසන්නයේ පිහිටි පාලම අසලදි මාර්ගය හරහා දිවගිය සුනඛයෙකු ත්‍රිරෝද රථයේ රියදුරා විසින් බේරිමට ගිය අවස්තාවේ ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ගොස් (15) දින උදැසන මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, කිසිවෙකුට තුවාල සිදු වි නොමැත.

අනතුර සිදු වු ආකාරය වෙලදසැලක සවි කර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වි තිබුණි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here