2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) සිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන තරගාවලියට කණ්ඩායම් 8ක් එක් වනවා.
ඒ අනුව A කාණ්ඩයේ පළමු තරගය අද පස්වරු 2ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාල කාන්තා කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම A කාණ්ඩයේ දෙවන තරගය ඉන්දියාව සහ පාකිස්ථාන කණ්ඩායම් අතර අද රාත්‍රී 7ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව හෙට (20) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි.