විදේශ ගමන් බලපත් සදහා අයදුම් කිරීමේ නව ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කෙරෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට දිගු පෝලිමක් දක්නට ලැබෙන බව සඳහන්.

නව ක්‍රමවේදය යටතේ අන්තර්ජාලය මගින් ලියාපදිංචි වූ අයදුම්කරුවන් වෙනුවෙන් ගමන් බලපත්‍ර ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුව ලබාදෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට ආරම්භ කෙරෙන නව ඊ ගමන් බලපත් ලබාදමේ වැඩපිලිවෙලට සමගාමීව මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මකයි.

ඒ අනුව, අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යෙන්ම දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here