මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට දුරකතන ඇමැතුමක් ලබාදීමේ සිද්ධියේ ප්රධාන සැකකරුවන සෙල්ලයියා සෙල්ලදොරේ නැමැති අය අගෝස්තු මස 02 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

තම නඩු කටයුත්තක් කල් දමා ගැනීමේ අරමුණින් පසුගිය 02 වැනි දින සැකකරු මිතුරෙකු ගේ ජංගම දුරකතන අංකයක් උපයෝගි කර ගනිමින් මෙම ව්යාජ තොරතුරු පොලීසියට ලබා දී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය විය. 

ගිනිගත්හේන ප්රදේශයේ පදිංචි සැකකරු මිතුරෙකු ගේ සිම්කාඩ් පත සොරාගෙන තම ජංගම දුරකතනයට එය දමා අදාළ ඇමතුම ලබගෙන තිබිණි. දුරකතන අංකයේ ලියාපදිංචි හිමිකරු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේ දී ඔහු ඊට ඍජු සම්බන්ධයක් නොමැති බව හෙළිවීමෙන් පසු  ඇමතුම ලබා ගැනීමට උපයෝගි කරගත් දුරකතනයේ එමි අංකය ඔස්සේ එහි හිමිකරු තහවුරු කර ගැනීමට පොලීසිය සමත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇමතුම ලබාදුන් පුද්ගලයා සහ දුරකතන සිම් කාඩ් පතේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්ප පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

දුරකතන සිම් කාඩ් පතේ හිමිකරු වන ආනන්දන් මහේන්ද්රන් නැමැති අය  පසුගිය 05 දින  ඇප මත මුදාහැර තිබේ. 

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here