අත්අඩංගුවට පත් ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. 

ඒ, රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මතයි.

නඩුව අගෝස්තු 09 වැනි දා යළි කැඳවීමට අධිකරණය එහිදී නියෝග කළේ ය. 

සැකකාර අසංක අබේගුණසේකර මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. 

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අසංක අබේගුණසේකර මහතා අත්අඩංගුවට ගැණුනේ, බදු නොගෙවීමේ චෝදනා යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවයි. 

ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් භාරයට පත් කෙරිණි. 

සැකකරු අත්අඩංගුවට ගැනුණේ, දෝහා සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here