මහනුවර පැවැති කේක් ප්‍රදර්ශනයක ඡායාරූප ලබාගත් ඡායාරූප ශිල්පියෙකු එහි සංවිධායකවරියට වට්ස් ඇප් ඔස්සේ යොමු කළ එම ඡායාරූප සමඟ නිරුවත් ඡායාරූපයක් ද තිබීම හේතුවෙන් අදාළ කාන්තාව කළ පැමිණිල්ලකට අනුව මහනුවර පොලීසියේ පරිගණක අපරාධ ඒකකය මගින් අදාළ ඡායාරූප ශිල්පියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කේක් ප්‍රදර්ශනයේ ඡායාරූප සමඟ මෙම නිරුවත් ඡායාරූපය අත්වැරදීමකින් අදාළ කාන්තාව වෙත යොමු වූ බව ඡායාරූප ශිල්පියා පවසා ඇත.හැට හය හැවිරිදි ඡායාරූප ශිල්පියා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
(කමල් සුරවීර – මහනුවර)