ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා අද [24 ] දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත තිබෙනවා.

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න , දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ප්‍රංශය වෙත පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා සහභාගී වන මළළ ක්‍රීඩකයින් තිදෙනකු , පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ද නිලධාරීන් 06 දෙනෙකු ද ප්‍රංශය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කර සිටියා .

ඔවුන්අද [24 ] දින රාත්‍රී 09.15 ට දෝහා බලා පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 657 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන අතර ඉන්පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here