කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම්දෙයි.
මෙම පෙරහැර හෙට (26) රාත්‍රී 8 සිට වීථී සංචාරය කිරීමට නියමිතයි.
අදාළ මාර්ගයේ ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද දන්වා සිටියි