කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව අද (26) අලුයම මියගොස් තිබේ.

ඊයේ (25) සවස් කාලයේදී පුද්ගලයෙකු සහ කාන්තාවක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එහිදී 32 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේදීම මිය ගිය අතර බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මෙලෙස අද අලුයම මියගොස් ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here