ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක්වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වනවිටත් ගිවිසුම්ගතවී සිටින අතර
ඒ සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබෙන එකඟතා හැකි නම් අනාවරණය කරන්නැයි තමා ඔහුට අභියෝග කර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එබව සඳහන් කර ඇත්තේ අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
එක් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වෙන්දේසි කිරීමට උත්සහ දරන අතර තවත් පිරිසක් තම පෞද්ගලික දේශපාලන වාසි සඳහාම පමණක් අප පක්ෂය සමගි ජන බල වේගයට පාවාදීමට කටයුතු කරන බව ඉතාමත් පැහැදිලි යයි ද එම නිවේදනයේ සඳහන් වනවා.
මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත්කර නිවේදනය පහතින්.