ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති ජාතික හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFE) සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිලි කර තිබෙනවා.
මහජන බදු මුදල් වැය කර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදාගැනීම ආයතන සංග්‍රහය අනුවත් මැතිවරණ නීතිය අනුවත් වැරදි ක්‍රියාවක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
රටක පුරවැසියන් ලෙස ඕනෑම තැනැත්තකුට සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා ඕනෑම දේශපාලන අයිතියක් වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව තිබුණද වෘත්තීය නිල ඇඳුමින් සැරසී එම ක්‍රියාමාර්ගවල නිරතවීම රජයේ සේවකයන් ලෙස නීති විරෝධී හා සදාචාර විරෝධී බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.