ශ්‍රී ලංකාවේ රජයේ සේවකයින්ට 2024 ජනවාරි සිට රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවන බවයි අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ.
ඒ අනුව 2024 ජනවාරි සිට ඔවුන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 17,800ක් දක්වා වැඩිකෙරෙයි.
ඊට අදාළ දීමනා 2024 අප්‍රේල් මස සිට ගෙවීම අරඹන බව පැවසු ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුදල 2024 ඔක්තෝබර් මාසයේ සිට කොටස් වශයෙන් ගෙවන බවයි.