ජනාධිපතිවරණයේදී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේ.

0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සදහා මාර්ගෝපදේශ මාලාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ නිකුත් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here