2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයට අද (03) ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහභාගී වූ අතර එහිදී ඇය හත් වෙනි ස්ථානයට හිමි කර ගැනීමට සමත් වුණා.
මෙම තරගයේ දී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 06යි දශම 66ක්.
ඒ අනුව තරුෂිගේ ඔලිම්පික් ගමන නිමා වෙනවා.