සමගි ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.
ඒ අනුව ඔහු අද (10) ඔහුගේ දිස්ත්‍රික්කයේ බිබිල ඇතුලු ප්‍රාදේශීය බල මණ්ඩල කැඳවා ඒ බව දැනුම් දීමට නියමිතයි.
එම දිස්ත්‍රික්කයෙන් තරඟ වඳින සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සමඟ පවතින අභ්‍යන්තර ගැටුම් සහ සජිත් ප්‍රේමදාස තමාව පසෙක තබා රංජිත් මද්දුමබණ්ඩාරට ප්‍රමුඛතාවය ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.