ජූලි 26 වනදා 2024 ඔලිම්පික් උලෙළ ආරම්භ වූ අතර එය පුරා දින 15කට වැඩි කාලයක් පැවැත්වීමෙන් අනතුරුව එය අදින් අවසන් වීමට නියමිතයි.

ක්‍රීඩා 32කට අදාළව තරඟ 329ක් පැවති අතර ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වී තිබෙනවා .

රන් පදක්කම් සටහනේ මේ වනවිට පෙරමුණ ගැනීමට චීනය සමත්ව ඇති අතර ඔවුන් රන් පදක්කම් 39ක් හිමිකරගෙන තිබෙනවා .

අමෙරිකාව රන් පදක්කම් 38ක් හිමිකර ගනිමින් රන් පදක්කම් සටහනේ දෙවන ස්ථානයද ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 18ක් හිමිකර ගනිමින් තෙවන ස්ථානයේයි රැඳී සිටින්නේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here