තියුණු ආයුධවලින් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන උඩුමුල්ල සහ වටරැක ප්‍රදේශවල පදිංචි දෙදෙනෙකි.
අගෝස්තු මස 06 වනදා හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර කුමාරි අල්ලට පිවිසෙන මාර්ගයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (14) දහවල් පාදුක්ක පොලිස් වසමේ ගාලබැඳිහේන ප්‍රදේශයේදී අපරාධයට සම්බන්ධ සැකකරුවන් පොලීසිය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
මේ අතර පොලීසිය පවසන්නේ සැකකරුවන් අපරාධය සඳහා භාවිත කළ යතුරුපැදි 02ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
හංවැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.