සමගි ජන බලවේගය මගින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය පළකිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එම මන්ත්‍රීවරු මේ බව සඳහන් කළා.

මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළකිරීමට තීරණය කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් යන මහත්වරුන්.

කෙසේ වෙතත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (14) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ ඉදිරි මැතිවරණයේදී සිය සහාය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here