බස් රථයෙන් බැස නිවස කරා ගමන් කරමින් සිටි මගියෙකුට එල්ල වු බඹර ප්‍රහාරයකින් බරපතල ලෙස තුවාල ලැබු එම මගියා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (18) දින ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
බගවන්තලාව සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක ගමන් ගත් එම මගියා නොර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගය අභියස රුස්ස ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි එම මගියාට බඹරුන් විශාල වශයෙන් පහර දි තුවාල සිදු කර ඇති බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණයත් සමග රුස්ස ගසෙහි බැද තිබු බඹර කුඩුවේ බඹර වදය කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි මගියාට පහර දි තුවාල සිදු කර ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)