බකමූණු, ප්‍රදේශයේදී වන අලියකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇති බව පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

වැඩ තහනමට ලක්වූ සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා බකමූණ පොලිසියට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් තිදෙනකු බවයි පොලිසිය පවසන්නේ.

බකමූණ පොලිසියට අයත් ත්‍රිරෝද රථයෙන් ඉකුත් (15) වැනිදා මෙම නිලධාරීන් තිදෙනා ජංගම සංචාර රාජකාරියේ යෙදී තිබෙනවා.

එසේ සිටියදී දඹුලල, දම්පුරගම විහාරස්ථානයට හැරෙන් හන්දිය ආසන්නයේදී වන අලියාට වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here