කොස්ගොඩ මහ ඉඳුරුව දුම්රිය ස්ථානය ආසන්නයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අනතුරින් 55 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා රියදුරු විසින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ.