කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඉලන්තිඅඩිය කසකැලේ ප්‍රදේශයේදී මීට දින කිහිපයකට පෙර වයස අවුරුදු 14 හැවිරිදි පිරිමි දරුවකු බරපතල ලිංගික අපයෝජනයට ලක්කල සැකකාර කාන්තාවක මේ මස (26) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු  (54) හැවිරිදි දෙදරු මවක් බවත්, ඇය මීට දින කිහිපයකට වින්දිත පිරිමි දරුවාව කැටුව කසකැලේ ප්‍රදේශයේ දර සෙවීම සදහා පැමිණ ඇති බවත්, පසුව එහිදී අදාල පිරිමි දරුවාව බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර, පසුව ඇගේ නිවසටද දරුවාව රැගෙන ගොස් දරුවාව කිහිප වතාවක්ම අපයෝජනයට ලක් කර ඇති බවට දරුවාගේ මව විසින් කල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාල සැකකාර කන්තාව අත්අඩංගුවට ගෙන ඇයගෙන් කල මූලික ප්‍රශ්ණ කිරීම් වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ආදාළ කාන්තාව විසින් මෙම අපයෝජනය සිදුකර ඇති බවයි පරික්ෂණ පවත්වන කල්පිටිය පොලිසිය සදහන් කලේ.

අනතුරුව විමර්ශණයක් ආරම්භ කල කල්පිටිය පොලිසිය දරුවාගෙන් කල ප්‍රශ්ණ කිරීම් හමුවේදී දරුවා පවසා ඇත්තේ අදාල කාන්තාව විසින් දරුවාව කස කැලයට රැගෙන ගොස් අයුතු බලපෑම් කරමින් ඔහුගේ ලිංගික අවයව ස්පර්ශ කරමින් ඇය හැසිරුන බවත්, පසුව නිවයසටද රැගෙන ගොස් විවිධ ලිංගික අඩම්තේට්ටම් කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දරුවා මේ වන විට පුත්තලම මූලික රෝහලට ඇතුළත්  කර විශේෂඥ අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමු කිරීමට නියමිතව තිබුණි. සැකකාර කාන්තාව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස  (26) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඊ.ඩබ්ලිව්.එස්. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මිල්රෝයි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක වන්නියාරච්චි ඇතුළු නිළධාරින් විමර්ශණ ආරම්භ කර තිබුණී.

(පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here