හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ එහිදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 1කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගෙන ඇති පොලිස් පරීක්ෂකවරයා 39 හැවිරිදි වියේ පසුවන අතර කොස්තාපල්වරයා 32 හැවිරිදි වියේ පසුවන බවටයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.