කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයකට පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ඊයේ (21) දින වෙඩිතැබීමට සිදුවූ බවට රාමනදපුරම් පොලිසිය පවසයි.
ඉරණමඩු මායානූර් ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් මාර්ග බාධකයක් ඉදිරියෙන් වැලි ප්‍රවහනය කරමින් තිබූ ට්‍රැක්ටරයකට නවත්වන ලෙස පොලිසිය විසින් අණ කරද පොලිස් අනනොතකා ට්‍රැක්ටරය ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් අදාල ට්‍රැක්ටරයට වෙඩි තැබීමක් සිදුකොට ඇත.
වෙඩි තැබීමෙන් අනතුරුව ට්‍රැක්ටරය නවත්වා ඇති අතර එහිදී ට්‍රැක්ටරයේ රියදුරු ඇතුළු තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල වැලි ප්‍රවාහනය කර ඇත්තේද බලපත්‍ර නොමැතිව බවට අනාවරන වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මායානුර් ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනෙච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට ද පරීක්ෂණ සිදු කරන රාමානාදපුරම් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
(වන්නි රොමේෂ් මධුෂංක)