ගයාන් කුඩාගම රත්නපුර
නිවිතිගල දෑල ප්‍රදේශයේ නිවසක අඹුසැමි යුවළක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් වයස 48ක්වු සැමියා විසින් වයස තිස් නමයක් වූ බිරිඳටත් වයස 18 ක් වූ පුතාටත් පිහියෙන් ඇන තිබෙනවා.

පිහිය ඇනුම් කෑ බිරිඳ සහ පුතා ඥාතීන් විසින් රෝහල් ගත කර තිබෙන අතර බිරිඳ නිවිතිගල වතුපිටිවල රෝහලටත් එතනින් රත්නපුර මහ රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී ඇය මියගොස් තිබෙනවා.

පුතාව රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනව ඔහුගේ තත්ත්වය ද තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සියලු සිදුවීම් වලින් අනතුරුව මියගිය බිරිඳගේ ස්වාමියා එම නිවසේම ගෙල වැල දාගෙන සිය දිවි නසාගෙන තිබෙනවා.

පාසල් යන වියේ පසුවන අනිත් දරු තිදෙනා මේ වන විට ඥාතීන් භාරයේ පසුවෙනවා.

අද දින පශ්චාත් මරණ පරීක්ෂණය රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රජාපාලි අතු කෝරල මහත්මිය විසින් සිදුකරනු ලැබුවා.

නිවිතිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here