ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ, රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති බවයි.

තවද කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කිපොක්ස් රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් ද පවතින බව ඔහු පවසනවා.

මෙම රෝගයට වඩා හොඳින් සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දී ඇති බවත් මේ සම්බන්ධව උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක් ද ඔවුන් වෙත ලබා දීමට කටයුතු කර ඇති බවත් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

රෝගය මේ වනවිට අපිකානු අප්‍රිකානු කළාපීය රටවල වේගයෙන් පැතිර ගොස් ඇති අතර මින් 500කට අධික පිරිසක් ද මියගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here