සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 18 වනදා සිට 30 වනදා දක්වා දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.
සැප්තැම්බර් 21 වනදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් එදින විවේකී දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
