ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා, දරුණු මානසික පීඩනයකට ලක්ව ඇති බව එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මණ්ඩලය ඊයේ (22) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

නීතීඥ මණ්ඩලය අධිකරණය හමුවේ ප්‍රකාශ කර පවසා තිබුණේ මේ හේතුවෙන් ඔවුන් සියදිවි නසා ගැනීමේ අවධානමක් ඇති බවයි.

ඒ අනුව, එම සැකකරුවන්, විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීම සදහා අවසර ලබා දෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙම ඉල්ලීම මෝසමක් මගින් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතීඥ මණ්ඩලයට දැනුම් දී ඇති බවට වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here