සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යවා ඇති බව වාර්තා වෙනවා.
තලතා අතුකෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට ඊයේ (22) වන විටත් නිල වශයෙන් දැනුම් දිමක් සිදුකර නොමැති නිසා මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක්වී තිබෙන බව මින් පෙර වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පවසා තිබුණේ තලතා අතුකෝරල මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නැති හෙයින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට නොහැකිවී ඇති බවයි.
අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා දීර්ඝ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව සඳහන් කළා.
ඇයගේ ඉල්ලා අස්වීමෙන් පසු එම දිස්ත්‍රික්කයේ සජබ මනාප ලැයිස්තුවට අනුව පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතව සිටින්නේ කරුණාරත්න පරණවිතාන මහතායි.