ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
සිය X ගිණුමේ වීඩියෝ පණිවිඩයක් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඔහුගේ ක්‍රීඩා දිවිය පුරාවට ඔහුට ලැබුණු ආදරය සහ සහයෝගය සඳහා ඔහුගේ රසිකයින්ට මෙන්ම සංගම්වලට ස්තූති කරන බවයි.
වසර 14ක කාලයක් පුරාවට ජාත්‍යන්තර ශතක 14 කට හිමිකම් කියන ඔහු, ඉන්දීය 20-20 කණ්ඩායමේ නායකත්වයද දැරුවා.
ඔහු ශතක 24ක්, අර්ධ ශතක 44ක් ඇතුළුව තරග 269කින් ලකුණු 10,867ක් රැස්කරමින් සිය ක්‍රීඩා දිවිය ජයග්‍රහණය කර තිබෙනවා.