ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නැතැයි දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් වැඩි පිරිසක් කුඩා පක්ෂවලට අයත් වූවන් වනවා.
ආරක්ෂාව ඉල්ලා ඇති සෙසු අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීයෙක් පවසා තිබෙනවාත
ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් මෙවර ක්‍රියාත්මක කෙරෙන්නේ විශේෂම ආරක්ෂක වැඩපිළිවෙලක් බවද ඔහු සඳහන් කර තිබුණා.
ජනාධිපති අපේක්ෂකයන්ට ඉල්ලවී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පසුගියදා ක්‍රියාත්මක තර තිබු අතර එම විමර්ශනයේදී හෙළිදරව්වූ තොරතුරු පදනම් කරගෙන මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි සඳහන් වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගේ උපදෙස් මත ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට විශේෂ කමිටුවක්ද පසුගියදා පත් කෙරුණු අතර එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතායි.
ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂකයන් සහභාගිවන රැස්වීම්වල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.
(උපුටා ගැනීම – ලංකාදීප වෙබ් අඩවිය)