සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා.
ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාගේ උපදෙස් මත සැකකරුවන් තිදෙනා සඳහා ලබාගත් පැය 72ක රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් වෙඩික්කරුවෙක් සහ වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙක්.
මේ අතර, වෙඩිවැදීමෙන් තුවාල ලැබූ “ක්ලබ් වසන්තගේ” බිරිඳ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මීට සතියකට පමණ පෙර රෝහලෙන් පිටව ගිය බව වාර්තා වුණා.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් “ක්ලබ් වසන්ත” ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරුණේ ජූලි මස 8වනදායි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුම මීට පෙර අත්අඩංගුවට ගැණුනා.