මස් පිණිස ඇති කළ ඌරෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය, ඩෙල්ෆ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, යාපනය නෙදුන්තිව් 15 වන වසාමේ පදිංචි වයස අවුරුදු 80 ක් පමණ වන නාගමුත්තු ලාක්ෂ්මි නමැති කාන්තාවක්.

අදාළ කාන්තාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඌරකු ඇයට පහාරදී ඇති අතර එහිදී ඇයගේ පපු ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව යාපනය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා යොමු කලද ඇය එහිදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here