එළඹෙන ජනාධිපති මැතිවරණය සඳහා රටේ ජනතාව හා විශේෂයෙන් වතුකර ජනතාව පිළිබඳව මනා අවබෝධයක් ඇති ජාත්‍යන්තර සබඳතා ඔස්සේ රට ගොඩනගන්නට පුළුවන් දුරදක්නා නුවණක් ඇති නායකයෙක් වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහ වෘත්තීය සමිති එකමුතුවේ සහයෝගය ලබාදීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව කම්කරු එක්සත් පෙරමුණේ මහලේකම් හිටපු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුප්පයියා සදාසිවම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපති මැතිවරණයේ සිය පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් (25) නුවරඑළියේ පිහිටි සිය කාර්යාලයේ පවත්වමිනි.

වැඩිදුර අදහස් දැක්වූ එතම මෙසේද පැවසීය , 

වසර දෙකකට කලින් අපේ රට වැටිලා තිබ්බ අගාධය අපට මතකයි.ආර්ථික මට්ටමෙන් රට වැටිලා තිබ්බ අවස්ථාවේ රට ක්‍රම ක්‍රමයෙන් ගොඩනගල අද වන විට ස්ථාවර තත්ත්වයකට පත් කර ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන එක අපිට පිළිගන්නට වෙනවා.රටේ ජනතාවගේ ආර්ථිකය මෙන්ම කඳුකර වතු කම්කරුවන්ගේ ආර්ථිකය තේරුම් ගත් බුද්ධිමත් නායකයෙක් හැටියටත් රනිල් වික්‍රමසිංහ අපට හඳුන්වා දෙන්නට පුළුවන්.වික්‍රමසිංහ තරං අවබෝධයක් ඇති වෙන නායකයෙක් අපිට පේන්න නැහැ.ජාත්‍යන්තර සබඳතා පිළිබඳව කතා කරන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලවත් රටවල් සියල්ල උදව් කරන්න සැදී පැහැදී ඉන්නවා.බලවත් රටවල්වලත් උදව් අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයත් එක්ක රට ගොඩනගන්න පුළුවන් එකම රායකයා රනිල් වික්‍රමසිංහ විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ළඟදී රටවල් ගණනාවකට ගිහින් ආවා.රටවල් ගානේ ඇවිදින්න ගියා කියලා ඇති වැඩක් නෑ ඒ අපි හැමෝටම කරන්න පුළුවන් ඒ රටේ ඉන්න රාජතාන්ත්‍රිකයන් එක්ක සබඳතා පවත්වන්න එයාලට බැහැ ඒක කරන්න පුළුවන් එකම නායකයත් රනිල් වික්‍රමසිංහ.ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරන ඡන්දය දිනනවා කෙසේ වෙතත් ඔවුන්ගේ අඳුරු අත්දැකීම් අපිට හොඳට මතකයි. 1970 දශකයේදී උඩ පුස්සල්ලාව ප්‍රදේශයේ ඔහු ජාතික හැඳුනුම්පත් සොරාගෙන කරපු දේවල් අපි ඇස් පනාපිට දැක්කා ඒවා අපිට හොඳට මතකයි. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉස්සර හිටපු නායකයා රෝහණ විජේවීර මගේ හොඳම හිතවතෙක්ඒ. නමුත් කියන්න ඕන දේ කියන්න වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරා කියලා උඩ පුස්සල්ලාවේ ක්‍රියාකාරිකයෙකුට කටටම වෙඩි තිබ්බා ඒවත් අපිට හොඳට මතකයි. අද මොන සුරංගනා කතා කිව්වත් එදා හිටපු අයමයි අද ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ එයාලගේ ගති ලක්ෂණ කිසි එක වෙනසක් අපි දකින්නේ නැහැ. ඉතා කරපු දේම අදටත් කරයි කියලා තමයි අපිට හිතෙන්නේ මොකද කැලේ මාරි වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෑ කියලා අපි හොඳටම දන්නවා  යනුවෙන් එතම පැවසීය.

(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here