සංචාරක බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුළු 10ක විශිෂ්ට ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම අද සමත්වුණා.

මෙය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් පාකිස්තානු කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී පරාජය කර පළමු හා එකම අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 448ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 565ක් රැස්කළේය.

එහිදී අතිවිශිෂ්ට ඉනිමක් ගොඩනැගූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

ඒ හේතුවෙන් පාකිස්තානයට ලකුණු 117ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹීමට සිදු විය. 

නමුත් පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 146කට සීමා වූ අතර,  ඒ වනවිට ඔවුන් බංග්ලාදේශ දෙවැනි ඉනිමට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 29ක් පමණි.

වසර 23ක (2001 – 2024) බංග්ලාදේශය – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර දෙරට අතර ටෙස්ට් තරග 13ක් පවත්වා තිබූ අතර, ඉන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්වීම හැරෙන්න තරග 12ක ජය තහවුරු කරගෙන තිබුණේ පාකිස්තානු කණ්ඩායමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here