බදු පිලිබඳ සියළු තොරතුරු අද (26) දිනයේ හෙළිදරව් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද එම කටයුතු සිදුකෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

හිඟ බදු අයකර ගැනීම සඳහා බැංකු ගිණුම් 900 ක් පමණ අත්හිටුවා එම හිඟ බදු මුදල් අයකර ගැනීමට පියවර ගනිමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

ඒ යටතේ රජය නිසි පරිදි රාජ්‍ය ආදායම කලමනාකරණය කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

හිඟ බදු නිසි පරිදි එකතු කර නොගන්නා බවට චෝදනා එල්ල වුවද, මෙම වකවානුවේ තරම් හිඟ බදු අයකර ගැනීමට පියවර ගෙන රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ වෙනත් වකවානුවක් නොමැති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here