එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවත්, තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එම පක්ෂවල සිටින ඇතැමුන් තමන් විසින් දේශපාලනයට ගෙන ආ පුද්ගලයන් බැවින් තමන් ඒ බව හොදාකාරව දන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා, සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව, ජනතාව ජීවත් කරවීම පිළිබඳව බවත්, මෙවර ඡන්දය ලබාදිය යුත්තේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහා බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නීතිඥ වෘත්තීයවේදීන් සමඟ ඊයේ (24) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති හමුවට එක් වෙමිනි

“ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ” යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරුන්, ජනාධිපති නීතීඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතීඥයින් ඇතුළු නීතීඥ ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here