තරග 03කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි දකුණු අප්‍රිකානු T20 ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලි ජයක් වාර්තා කරන්නට කොදෙව්වන් සමත් වුණා.

ඒ ඊයේ (25) පැවති දෙවැනි පන්දුවාර 20 තරගයෙන් ද දකුණු අප්‍රිකාව පරදවා ලකුණු 30ක ජයක් කොදෙව් කණ්ඩායම වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීම තෝරාගත් අතර; පළමු ව ලකුණු රැස් කළ කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 179ක් ලබාගත්තා.

තරගය ජයග්‍රහණයට පන්දු 120කදී ලකුණු 180ක් අවශ්‍ය වුවත්, දකුණු අප්‍රිකාවට පන්දුවාර 19කුත් පන්දු 04කුත් අවසානයේ සියල්ලන් ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 149ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here