මෙවර පැරා ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී හෙට (27) ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 8 දෙනෙකු එක්වනවා.

මෙම තරගාවලියට එක්වන නවීඩ් රෂීඩ් අනිද්දා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1ට මිටර් 400 නිදහස් ආර පිහිනුම් මූලික වටයේ තරගයකට සහභාගි වනවා.

එමෙන්ම මෙවර පැරා ඔලිම්පික් උළෙල සඳහා දුලාන්, නුවන් ඉන්දික, පාලිත බණ්ඩාර, අනිල්ප්‍රසන්න ජයලත්, ප්‍රදීප් සෝමසිරි, සුරේෂ් ධර්මසේන සහ ජනනි ධනංජනා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here