හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේ ය.

ඒ, ද්විත්ව පුරවැසිභාවය දැරීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය එරෙහිව ඇති අධි චෝදනා විවෘත අධිකරණය හමුවේ භාර දීමෙන් අනතුරුව ය.

රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

අධිකරණයෙන් නිකුත් කළ නොතීසි අනුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය නිතීඥවරයෙකු සමග අධිකරණය හමුවේ අද පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here